
ශ්රී ලංකාවට එරෙහිව තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය සඳහා ක්රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.
ෂායි හෝප් (Shai Hope) ගේ නායකත්වයෙන් යුතුව මෙවර කණ්ඩායම මෙහෙයවනු ලබයි.
මේ වසර ආරම්භයේදී පැවති ICC පිරිමි T20 ලෝක කුසලානයෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වන මෙම තරඟාවලිය සඳහා කණ්ඩායමේ වෙනස්කම් රාශියක් සිදු කර ඇත.
ජොන්සන් චාල්ස්, ක්වෙන්ටින් සැම්ප්සන් සහ ජේඩන් සීල්ස් යන ක්රීඩකයින් තිදෙනා සංචිතයෙන් ඉවත් කර ඇත.
මේ අතර, ඇකීම් ඔගස්ටේ, ජුවල් ඇන්ඩෲ සහ ෂමර් ස්ප්රින්ගර් නැවත වරක් කණ්ඩායමට ඇතුළත් කර ඇත.
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය (West Indies Squad)
මෙහි තරග කාලසටහන
1 වන T20 තරගය ජුනි 11 Sabina Park, Jamaica 2 වන T20 තරගය ජුනි 13 Sabina Park, Jamaica 3 වන T20 තරගය ජුනි 14 Sabina Park, Jamaica