
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්ව තිබේ.
ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.
මෙම තරගය අද (12) ජැමෙයිකාවේ Sabina Park ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
පළමු විස්සයි විස්ස තරගය සඳහා ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායමේ 11 දෙනා ද ප්රකාශයට පත් කර ඇති අතර, නවක ක්රීඩකයන් වන ලසිත් කෲස්පුල්ලේ සහ පවන් රත්නායක ද අවස්ථාව හිමිකරගෙන ඇත.
ශ්රී ලංකා කණ්ඩායම:
පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් (නායක) ලසිත් කෲස්පුල්ලේ පවන් රත්නායක කමිඳු මෙන්ඩිස් (උප නායක) දසුන් ශානක වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ දුෂ්මන්ත චමීර ඒෂාන් මාලිංග ඩිල්ෂාන් මධුශංක