
නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන් (Kane Williamson) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, ඔහු තම රට වෙනුවෙන් වසර 16 ක් පුරා නිරත වූ විශිෂ්ට ක්‍රිකට් දිවියට මෙලෙස තිත තබනු ඇති.
විලියම්සන් විශ්‍රාම ගනු ලබන්නේ සියලුම ක්‍රිකට් ආකෘතීන් (Formats) හරහා නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ලෙස වාර්තා පොත්වලට එක්වෙමින්.
කේන් විලියම්සන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයාද වනවා.