
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි20 ක්රිකට් තරගයෙන් කඩුලු 4ක පහසු ජයක් ලැබීමට බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය.
ජැමෙයිකාවේ කිංග්ස්ටන්හිදී පැවති මෙම තරගයේ ශ්රී ලංකාවෙන් හිමිවූ ලකුනු 148ක ඉලක්කය තරගයේ අවසන් පන්දුවාරයේදී (19.2) පසුකර යෑමට කොදෙව් පිතිකරුවන් සමත්වූහ.
එහිදී නායකත්වයේ ඉනිමක් ක්රීඩාකල ෂේ හෝප් පන්දු 54කට මුහුණදෙමින් ලකුණු 65ක් රැස්කළේය.
ශ්රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 32කට කඩුලු 4ක් දවාගත්තේය.