
දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සිය පක්ෂ නායකත්වයට යළිත් වරක් සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පත්කර ගෙන තිබෙනවා. ඊයේ (14) ටෙලෝ පක්ෂයේ මධ්‍යම කාරක සභාව Vavuniya කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී රැස්වූ අවස්ථාවේදි මෙම තීරණය ගෙන ඇත. ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ද තෝරා පත් කරගනු ලැබුවා. ඒ අනුව ලේකම්වරයා ලෙස ගෝවින්දම් කරුනාකරම් (ජනා), උප සභාපතිවරයා ලෙස සුරේන් කුරුසාමි, මූල්‍ය ලේකම්වරයා ලෙස කේ. විජිතන්, විධායක ලේකම්වරයා ලෙස නිත්‍යනාදන් සහ තරුණ ලේකම්වරයා ලෙස ප්රභාකරන් යන අය තේරී පත්වුණා. තවද, රැස්වීම අවසානයේ පක්ෂයේ නායකත්ව කමිටුව සහ මධ්‍යම කාරක සභාවේ අනෙකුත් සාමාජිකයින් ද තෝරා පත් කරගැනීම සිදු කර ඇති බව වාර්තා වෙනවා.