
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ
මෙහෙයුමකදී, ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (ජූනි 13) ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි
මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහු
සන්තකයේ තිබූ නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම්වු විදේශීය නිෂ්පාදිත
ඉලෙක්ට්‍රොනික දුම්වැටි 31 ක් අත්අඩංගුවට ගනු ලැබුවා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම ඉලෙක්ට්‍රොනික දුම්වැටි නීතිවිරෝධී
ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කර තිබූ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන කොළඹ ප්‍රදේශයේ
පදිංචිකරුවෙකි.
සැකකරු සහ සොයාගත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගය වැඩිදුර නීතිමය කටයුතු
සඳහා ග්‍රෑන්ඩ් පාස් පොලිසිය වෙත භාර දුන් බව නාවික හමුදාව පවසනවා.