
බුලත්සිංහල පොලිස් වසමේ ඇගල්ඔය ප්රදේශයේ පිහිටි ව්යාපාරික ගොඩනැගිල්ලක
ඉහළ මහලයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මියගොස්
තිබෙනවා.
ඊයේ (15) සවස මෙම සිරුරු හමුවු අතර මෙලෙස මියගොස් ඇත්තේ ඇගල්ඔය
ප්රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් සහ 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
බුලත්සිංහල පොලිසියට කළ දැනුම් දීමකට අනුව විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා තමන්ට අයත් ව්යාපාරික
ගොඩනැගිල්ලේ ඉහළ මහලයේ පදිංචිව සිට ඇති අතර දින කිහිපයක් තිස්සේ ඔවුන්
දක්නට නොලැබීම පිළිබඳව සැක පළ කළ ප්රදේශවාසීන්, අසල්වැසි ගොඩනැගිල්ලක
සිට නිරීක්ෂණය කිරීමේදී කාන්තාවක් බිම වැටී සිටින අයුරු දැක පසුව ඒ පිළිබඳව
පොලිසියට දැනුම් දී තිබෙන බවයි.
එම පැමිණිල්ලට අනුව ස්ථානයට ගිය බුලත්සිංහල පොලිසිය සිදුකළ පරීක්ෂාවේදී
කාන්තාව සහ පිරිමි පුද්ගලයා මියගොස් සිටින බව තහවුරු කරගෙන ඇති අතර,
මරණ සිදුවී ඇති ආකාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බුලත්සිංහල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.