
රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් සන්තකයේ තබාගෙන සිටි 24 හැවිරිදි තරුණයෙකු වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (ජූනි14) සවස වැල්ලම්පිටිය පොලිස්ට ලැබුණු තොරතුරක් මත කොළොන්නාව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරු කොළොන්නාව ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ ආපන ශාලාවකින් ආහාර ලබාගෙන ඒ සඳහා ගෙවීම් කිරීමට ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටුවක් භාවිත කිරීමට උත්සාහ කර ඇති බවයි. එම නෝට්ටුව සම්බන්ධයෙන් සැක සිතූ ආපන ශාලා හිමිකරු වහාම වැල්ලම්පිටිය පොලිසිය දැනුවත් කර තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබූ තවත් රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු දෙකක්ද සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.