
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 195ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායක ශායි හෝප් ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.
ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 194කි.
එහිදී දසුන් ශානක පන්දු 24ක් තුළ වේගවත් ලකුණු 58ක් ලබාගත්තේය.
ඔහු සිය අර්ධ ශතකය වාර්තා කළේ, පන්දු 19කිනි.
කමිල් මිෂාර ලකුණු 60ක් ලබාගැනීමට සමත් විය.
පන්දුයැවීමේදී ශමර් ජෝසප් කඩුලු 03ක් සහ මැතිව් ෆෝර්ඩ් කඩුලු 02ක් දවාගත්තහ.