
සමාජ මාධ්‍ය ඔස්සේ සිය කීර්ති නාමයට හානි වන ආකාරයේ අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කරමින් සිටින සංවිධානාත්මක පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
ඒ, සිය පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්නයක් මුල් කරගෙන සංවිධානාත්මක පිරිසක් විසින් සමාජ මාධ්‍ය සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයක් සම්බන්ධවයි.
ඒ අනුව මෙම අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඒවා ප්‍රචාරය කරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඕලුගල මහතා කඩුවෙල පොලිසියට සහ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත ඊයේ (27) පැමිණිලි කිරීමට නියමිතව සිටි බව ද සඳහන්.
එමෙන්ම මෙම ප්‍රචාර සිදු කරන පුද්ගලයන් මේ වනවිටත් හඳුනාගෙන සිටින අතර ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් වාර්තා වේ.