
අධිකරණ පද්ධතිය අනෙක් පද්ධති සේ ම කාර්යක්ෂම විය යුතු බවත්, එලෙස කාර්යක්ෂම කිරීම සඳහා නඩුකාරවරුන්ගේ වයස් සීමාවන් වැඩි කිරීම එක පැත්තක් පමණක් වන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කරමින් කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධව අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එමෙන්ම මේ වන විට නඩු ලක්ෂ 11කට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත් මෙම නඩු ඉක්මන් කිරීම සහ ඒ සඳහා අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සහාය ලබා ගැනීම අපේක්ෂාව වන බවත් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගත් බව අධිකරණ අමාත්‍යවරයා එහිදී පැහැදිලි කර සිටියා.
සම්පූර්ණ කතාව මෙතැනින්,