
උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර, සුදීෂ්වර බණ්ඩාර ,
අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන පිරිස විසින් හිටපු ජාතික
බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පාස්කු ඉරිදා
ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා වන අයුරින් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ
මාධ්‍ය හරහා අධිකරණයට අපහාස වන අයුරින් කරන ලද ප්‍රකාශ
සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ
දෙපාර්තමේන්තුව අද (15) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ
කරුණු දැන්වුවා.
එලෙස සිද්ධියට අදාළව අධිකරණයට අපහාස කරමින් විද්‍යුත් මාධ්‍ය හරහා
ප්‍රකාශ නිකුත් කරන ලද එම පුද්ගලයන්ට ජූලි 1 වන දින අධිකරණයේ
පෙනී සිටින ලෙස නොතෙන් සි නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ මෙම අධිකරණය නොතිසි
නිකුත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් එම පුද්ගලයන්
අභියාචනාධිකරණයට යොමු කළ හැකි බවයි.