
නැගෙනහිර පළාත තුල 2008 ජනවාරි 09 වන දින හිටපු පොලිස් නිලධාරියෙකු හා තවත් පුද්ගලයෙකු කල් අඩි ප්‍රදේශයේ මුරුගන් කෝව්ල අසල ක්‍රීඩා පිටිය අසලදී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම හා 2008 මැයි 22 වන දින කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන වීදියේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම යන අපරාධයන්ට අදාලට සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් අද (ජුනි 15) දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරනු ලැබුවා. පළමු සැකකරු විදෙස් ගතව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර දෙවන සැකකරු ලෙස නම් කර සිටින සැකකරු 2025 අගෝස්තු 13 වන දින සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන ලදී.
2008 අගෝස්තු 20 වන දින රාත්‍රී කාලයේ වව්නතිව් පොලිස් වසමේ කොත්තියාපොල
කන්නන්කුඩා ප්‍රදේශයේදී අවි ගත් නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් පුද්ගලයෙකු වෙඩි
තබා ඝාතනය කරනු ලැබුවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නම් කර සිටින අතර පළමු
සැකකරු ඉහත සඳහන් මඩකලපුව පොලිස් වසමේ කල් අඩි හා කාත්තන්කුඩි ප්‍රදේශ වල
සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ අතර දැනට විදෙස් ගතව සිටින බවට
අනාවරණය වී ඇත.
දෙවන සැකකරු 2025 නොවැම්බර්13 වන දින සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
රඳවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන ලදී.
පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධ සඳහා තුන්වන සැකකරු
වශයෙන් නම් කර සිටින ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යන සැකකරු
මඩකලපුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට
ගෙන වැලිකඩ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර මෙම නඩුව නැවත කැඳවීමට නියමිත
දින සැකකරු මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර
අධීකාරිවරයට නියෝග කොට ඇත.
රැඳවුම් නියෝග මත සිටි සැකකරුවන් දෙදෙනා අද (ජුනි 15) දින මඩකලපුට මහේස්ත්‍රාත්
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.