
කන්තලේ ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරයා සහ පෙර පාසල් දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අතර අද (15) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ, මන්ත්‍රීවරයා මැදිහත්ව පෙර පාසල් ගුරු ප්‍රශ්නයක් සඳහා විසඳුම් ලබාදීමට ගිය අවස්ථාවකදීයි.
කන්තලේ ගංතලාව ප්‍රදේශයේ ඇති මෙම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය කන්තලේ ප්‍රාදේශීය සභාව යටතේ පැවැත්වෙන්නක් වන අතර මෙම පෙර පාසල අවුරුදු 40කටත් වැඩි කාලයක් තිස්සෙ පවත්වාගෙන යනු ලබන බවයි වාර්තා වන්නේ.
එහි මේ වන විට ළමුන් 54 දෙනෙකු ඉගෙනුම ලබන අතර ගුරුවරුන් පස්දෙනෙක් ඉගැන්වීම් කටයුතු සිදුකරන බව සඳහන්.
පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය සමග ගුරුවරුන් තුන්දෙනෙකු අනපේක්ෂිතව ම ස්ථාන මාරු කිරීමක් සිදුකර ඇත.
මේ හේතුවෙන් පළමු වසරට පාසල් සඳහා ඇතුළත් වීමට සිටින දරුවන්ගේ අධ්‍යාපනයට බාධා ඇතිවන බව පවසා දෙමාපියන් අදාළ නිලධාරීන්ගෙන් හමුවී එය වෙනස් කර දෙන ලෙස ඉල්ලා ඇතත් එයට පිළිතුරක් නොලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (15) උදෑසන පෙර පාසලට පැමිණි දෙමව්පියන් ප්‍රධාන ගේට්ටුව අවහිර කර අලුතෙන් පැමිණි ගුරුවරුන් දෙදෙනාට පෙර පාසලට ඇතුළුවීමට ඉඩ නොදී ප්‍රධාන ගේට්ටුව අවහිර කර වසා දමා ඇත.
පසුව ඔවුන් කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පැමිණ, මේ ප්රශ්නය විසඳා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව කන්තලේ ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී දෙමව්පියන් හා මන්ත්‍රීවරයා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.