
ඇමරිකාවේ කැලිෆෝනියා හි පිහිටි සුප්රසිද්ධ ‘Levi’s Stadium’ ක්රීඩාංගණය මෙවර 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දෙනවා.
කෙසේ වෙතත් මෙවර FIFA ලෝක කුසලානය වෙනුවෙන් Levi’s සමාගම අනුග්රාහකයෙක් ලෙස කටයුතු කරන්නේ නැහැ.
එවැනි තත්ත්වයක් තුළ තරගාවලිය අතරතුර ක්රීඩාංගණයේ ඇති Levi’s ලාංඡන (Logo) සියල්ල වසා තබන ලෙසයි FIFA ආයතනය නියෝග කර ඇත්තේ.
FIFA ආයතනයේ දැඩි වෙළඳ නාම නීතිවලට අනුව, නිල අනුග්රාහකයෙකු නොවන සන්නාමයන් ක්රීඩාංගණ තුළ ප්රදර්ශනය කිරීම තහනම් වනවා.
ඊට ප්රතිචාර වශයෙන් එම සමාගම ක්රීඩාංගණයේ නාම පුවරුවේ ඇති Levi’s ලාංඡනය සුදු රෙද්දකින් ආවරණය කර ඇති අතර, මෙම සිදුවීම මේ වනවිට අන්තර්ජාලය පුරා පුළුල් අවධානයක් දිනාගෙන තිබෙනවා.
Levi’s සමාගම විසින් ඔවුන්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ පැතිකඩ පින්තූරයට (profile picture) ඒ හා සමාන ඡායාරූපයක් එක්කර ඇති ආකාරය දැකගත හැකියි.