
ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (17) ප්‍රකාශයට පත්කළ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රුමේෂ් තරංග සමත්ව තිබේ.
රුමේෂ් ඊයේ (16) චෙක් ජනරජයේ පැවැති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේද හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.
මේ වනවිට රුමේෂ් ශ්‍රේණිගත ලකුණු 1,333ක් රැස්කරගෙන සිටින අතර, ඔහු අවසන්වරට ශ්‍රේණිගත ලකුණු 1,324ක් හිමිකරගෙන සිටියේය.