
හම්බන්තොටදී අද පැවැති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම 2-1ක් ලෙස එක්දින තරගාවලියේ ජය හිමි කර ගැනීමට සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 40ක් තුළ ලකුණු 187කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. අනතුරුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම ඕවර 37.2කදී කඩලු 2ක් පමණක් දැවී ලකුණු 191ක් ලබා ගනිමින් ඉතා පහසුවෙන් තරගයේ ජයග්රාහී ඉලක්කය සපුරා ගත්තේය.