
ඉන්දියාවේ NEET-UG ප්‍රශ්න පත්‍රය පිටවීම සහ 'කොක්රෝච් ජනතා පක්ෂය' (Cockroach Janta Party) ප්රමුඛ විරෝධතා මධ්‍යයේ, උසස් අධ්‍යාපන ආයතන සඳහා ප්‍රවේශ පරීක්ෂණ පවත්වනු ලබන ස්වාධීන ආයතනය වන ජාතික පරීක්ෂණ නියෝජිතායතනය (National Testing Agency - NTA), සිය අභ්‍යන්තර දැඩි ක්‍රියාමාර්ගයක කොටසක් ලෙස නිලධාරීන් 47 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බවට 'The Indian Express' වාර්තා කර තිබෙනවා.
මෙම නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ද එහි සඳහන්.
එමෙන්ම මෙය ආයතනයේ ක්‍රියාකාරීත්වය ප්‍රතිසංස්කරණය කිරීමේ "ආරම්භක පියවරක් පමණක්" වන අතර, ඉදිරියේදී "තවත් දැඩි සහ ප්රතිසංස්කරණශීලී පියවර කිහිපයක්" ගැනීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.
NTA හි පුළුල් ප්‍රතිසංස්කරණ පෙන්නුම් කරමින් අදහස් දක්වන අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පරීක්ෂණ මධ්‍යස්ථාන ජාලය, මෙහෙයුම්, තොරතුරු තාක්ෂණ ආරක්ෂාව සහ විමර්ශන වැනි ප්‍රධාන කාර්යයන් අධීක්ෂණය කිරීම සඳහා නියෝජිතායතනයේ සාමාන්‍යාධිකාරී (General Manager) මට්ටමේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයින් පත් කිරීම සඳහා දැන්වීම් පළ කර ඇති බවයි.