
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස, ව්‍යාජ ඇමරිකානු ඩොලර් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් මුල්ලේරියාව කොටිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය වර්තමාන වෙළෙඳපොළ වටිනාකමට වඩා අඩු මිලකට ඇමරිකානු ඩොලර් මුදල් නෝට්ටු විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීමට උත්සාහ කර ඇති බව අනාවරණය වී ඇත. එමෙන්ම දිවයිනේ ප්‍රසිද්ධ හෝටල් පරිශ්‍ර කිහිපයකදී පුද්ගලයන් හමුවී මෙම ගනුදෙනු සිදු කිරීමට උත්සාහ කර ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. තවද, ආරම්භක අවස්ථාවලදී සැබෑ ඩොලර් නෝට්ටු කිහිපයක් ලබා දීමෙන් ගැනුම්කරුවන්ගේ විශ්වාසය දිනාගෙන, පසුව ව්‍යාජ නෝට්ටු ලබාදීම මගින් මුදල් වංචාවක් සිදු කිරීමට සැලසුම් කර තිබූ බවටද තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා. සැකකාරියගේ නිවසේ සිදු කළ සෝදිසියකදී ව්‍යාජ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 6,300 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 53 ක් වයසැති කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කරනු ලබනවා.