
ඉරානයෙන් සහ කියුබාවෙන් ද ප්‍රබල භූ චලන දෙකක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉන් පළමු භූ කම්පනය ඉරානයේ දකුණු හෝමොස්ගන් (Hormozgan) පළාතේ සර්ගාස් (Sargaz) ප්‍රදේශයේ සිදුව ඇති අතර එය රික්ටර් මාපකයේ 5.0 ක ප්‍රබලත්වයකින් යුක්ත වූවකි.
භූ විද්‍යා සමීක්ෂණ අංශ පෙන්වා දෙන්නේ මෙම භූමිකම්පාව පොළොව මතුපිටින් කිලෝමීටර් 22 ක් ගැඹුරින් හටගෙන ඇති බවයි.
මේ අතර කියුබාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ද රික්ටර් මාපක 6.1 ක ප්‍රබලත්වයකින් යුත් තවත් භූ කම්පනයක් වාර්තා වී තිබේ. මුහුදු පතුලේ සිට කිලෝමීටර් 10 ක් වැනි නොගැඹුරු මට්ටමක මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය පිහිටා තිබූ බව බලධාරීන් ප්‍රකාශ කර ඇත.
කෙසේ වුවද මෙම භූ කම්පන ද්විත්වයෙන්ම මෙතෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළවලට බරපතළ හානි සිදු වූ බවක් වාර්තා වී නොමැත.