
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන
19 වන දින යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (09)
නියෝග කළා.
සිද්ධියට අදාල 22, 25 සහ 29 යන සාක්ෂිකරුවන් වන කොල්ලුපිටිය
පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්ෂක
එම් උදේෂ් දමයන්ත, අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපතිවරයා
වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සේනාධිර ද සිල්වා සහ පොලිස් සීසීටීවී
කොට්ඨාශයේ පොලිස් කොස්තාපල් මදුෂ සමීර සම්පත් යන අය සාක්ෂි ලබා
දෙනු ලැබුවා.
සිද්ධියට අදාල අනෙක් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි කැඳවීම යලි 19 වැනිදාට
යලි කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කලා.