
මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මහබැංකුව ද වගකිව යුතු බවට මුදල් අමාත්‍යංශ වාර්තාව මගින් පෙන්වා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් මහබැංකුවේ ස්ථාවරය පිළිබදව දැනුම්දීම සඳහා සතියක කාලයක් ලබාදී ඇති බවය.
මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව ඊයේ (08) පස්වරුවේ රැස් විය.
එම සාකච්ඡාව සඳහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද කැඳවා තිබු බව වාර්තා වේ.
එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය විසින් සකස් කර ඇති වාර්තාව පිළිබදව අවධානය යොමුවු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඊයේ රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.