
2026 වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පිළිබඳව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වෙනිදා පැවැත්වීමට නියමිතය.
එහි දෙවන ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 09.30 සිට 10.45 දක්වා පැවැත්වෙන අතර පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම 2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වෙනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම විභාගය සැප්තැම්බර් 05 වෙනිදා දක්වා පැවත්වෙන බවයි.
උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන ද විභාග දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

