
තලවතුගොඩ හන්දිය ආසන්යේ අවන්හලක අද (09) පෙරවරුවේ ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
ගින්න මැඩ පැවැත්වීම සඳහා කොට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් ද යොදවා තිබෙනවා.
ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට පොලීසිය සැකපළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.