
ශ්රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තුන්වන එක්දින ක්රිකට් තරගයත් අයහපත් කාලගුණය නිසා අතහැර දමනු ලැබුවා.
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ශ්රී ලංකාව ජයගත් අතර, දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් කාසියේ වාසියට පමණක් සීමා කෙරුණා.
ඒ අනුව, පළමු තරගය ජයගත් ශ්රි ලංකාවට 1-0 ක තරගාවලි ජයක් හිමිවුණා.
මේ අනුව, 2003 වසරෙන් අනතුරුව වසර 23කට පසු කොදෙව් දේශයේදී ද්වීපාර්ශ්වික එක්දින තරගාවලි ජයක් හිමිකර ගැනිමට ශ්රී ලංකාව සමත් වනවා.
දෙරට අතර විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත යි.