
අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් භාවිත කරමින් අන්තර්ජාල ව්‍යාපාරයකින් මුදල් ඉපයිය හැකි බව පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් 426,300ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකය විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. එම විමර්ශනවලදි හෙළිවු තොරතුරු මත මෙම වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක් ඊයේ (08) වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. වංචා කරන ලද රුපියල් 426,300ක මුදලෙන් රුපියල් 186,500ක මුදලක් සැකකාරියගේ බැංකු ගිණුමට බැර කරගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරිය ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටින 28 හැවිරිදි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.