
කෘෂිකාර්මික ක්ෂේත්රය නවීකරණය කිරීම අරමුණු කරගනිමින් කුරුකුලාව ප්‍රදේශයේ පැවැති විශේෂ ඩ්‍රෝන තාක්ෂණික වැඩමුළුවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වත්තල කුරුකුලාව වෙල්යාය පරිශ්‍රයේදි පැවැත්විණි.
මෙහිදී CodeGen International (Pvt) Ltd ආයතනය විසින් දේශීයව සැලසුම් කර, මෘදුකාංග සහ පාලන පද්ධති (Controlling firmware & software) සම්පූර්ණයෙන්ම ලංකාවේ නිපදවන ලද බීජ හා ඝන පොහොර ඉසීමේ නවීන ඩ්‍රෝන යානයක් (Drone) නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරයා එක් වූ අතර වර්තමාන කෘෂිකර්මාන්තයේ පවතින දැඩි ශ්‍රම හිඟයට (Labour shortage) නිසි විසඳුමක් වන මෙම තාක්ෂණය, කාලය ඉතිරි කර දෙන ඉතා කාර්යක්ෂම ක්‍රමවේදයක් ද බව සඳහන් කළේය.
මෙවැනි නවීන තාක්ෂණික මෙවලම් හඳුන්වාදීම මගින් තාක්ෂණය භාවිත කරන "ස්මාර්ට් තරුණ ගොවි පරපුරක්" (Young smart farmers) රට තුළ බිහිකිරීම ප්‍රධාන අරමුණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දැනට කිලෝග්‍රෑම් 3-5 ක ධාරිතාවයකින් යුත් මෙම ඩ්‍රෝන යානා, ඉදිරි මහ කන්නයේදී වියළි කලාපයේ වී වගාවන් සඳහා බීජ තැන්පත් කිරීමටත්, යල කන්නයේදී ඝන පොහොර යෙදීමටත් මෙය සාර්ථකව භාවිත කළහැකි අතර මෙම නිෂ්පාදනය තවදුරටත් පුළුල් කරමින්, වියළි කලාපයේ ගොවි ජනතාව වෙනුවෙන් කිලෝග්‍රෑම් 25 සහ කිලෝග්‍රෑම් 50 දක්වා වැඩි ධාරිතාවයකින් යුත් ඩ්‍රෝන යානා ඉදිරියේදී නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කළ බව ඒ මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ (ACCIMT) සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා, අමාත්‍ය කෘෂිකාර්මික උපදේශක ඩොක්ටර් ෆ්රෑන්ක් නිරංජන් මහතා, මෙම තාක්ෂණය නිපදවූ කණ්ඩායම ඇතුළු ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.