
ඊශ්‍රායලය සහ ඉරානය යන දෙපාර්ශවයම ඔවුන් අතර පවතින වත්මන් ගැටුම්කාරී තත්ත්වයෙන් මිදීමේ මඟක් සොයමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු සිය 'Truth Social' සමාජ මාධ්‍ය ජාලය හරහා සටහනක් තබමින් සඳහන් කරන්නේ, ඊශ්‍රායලය සහ ඉරානය යන දෙපාර්ශවයම අවසාන සාකච්ඡා වට හරහා වහාම ක්‍රියාත්මක වන සටන් විරාමයකට එළඹීමට බලාපොරොත්තු වන බවත්, නොදැනුවත්කම හෝ මෝඩකම හරස් නොවන්නේ නම්, සාම ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යමින් පවතින බවයි.
කෙසේ වෙතත්, අවසාන එකඟතාවයකට පැමිණෙන තෙක් පනවා ඇති වෙළඳ සහ ගමනාගමන අවහිරතා (Blockade) උපරිම බලතල සහිතව ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවත්, ඉදිරි කටයුතු වේගයෙන් සිදුවනු ඇති බවත් ට්‍රම්ප් සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.
"ඊශ්‍රායලය සහ ඉරානය යන දෙපාර්ශවයම වහාම ක්‍රියාත්මක වන සටන් විරාමයකට (CEASEFIRE) එළඹීමට බලාපොරොත්තු වේ! නොදැනුවත්කම හෝ මෝඩකම හරස් නොවන්නේ නම්, 'සාමය' පිළිබඳ අවසාන සාකච්ඡා ඉදිරියට යමින් පවතී. අවසාන එකඟතාවයකට ('Final Deal') පැමිණෙන තෙක්, පනවා ඇති අවහිරතා (Blockade) උපරිම බලතල සහිතව ඒ අයුරින්ම බලාත්මකව පවතිනු ඇත. කටයුතු වේගයෙන් සිදුවිය යුතුය.''