
අද (09) පෙරවරුවේ තලවතුගොඩ හන්දිය ආසන්යේ අවන්හලක ඇතිවූ ගින්නෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගින්නෙන් තුවාල ලබා පුද්ගලයින් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයින් තිදෙනාම ජීවිතක්ෂයට පත්වූ බවයි.
පොලීසිය සැකපළ කරන්නේ, ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.