
පිලිපීනයට බලපෑ භූකම්පන තත්ත්වයෙන්, තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
පිලිපීන වේලාවෙන් අද පෙරවරු 07:37 ට (GMT 23:37) රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රභලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව හටගෙන තිබේ.
විදෙස් වාර්තාවන්ට අනුව භූකම්පනය හටගෙන ඇත්තේ, පිලිපීනයේ මින්ඩනාඕ දූපත් හී (Mindanao) පිහිටි 'ජෙනරල් සැන්ටොස්' (General Santos) නගරයේ වෙරළ තීරයට ඔබ්බෙනි.
භූකම්පනයෙන් සිදුවූ ජීවිත හානිවලට අමතරව තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
භූමිකම්පාවත් සමඟ පිලිපීනය, ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු නමුත්, ඉන් බොහොමයක් මේ වන විට ඉවත් කර තිබේ.