
පිලිපීනයට බලපෑ භූකම්පන තත්ත්වයෙන්, ජීවිතක්ෂයට පත්වූවන් ගණන 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම තුවාල ලැබූවන් ගණන ද 129 දක්වා ඉහළ ගොස් තිබේ.
පිලිපීන වේලාවෙන් අද පෙරවරු 07:37 ට (GMT 23:37) පිලිපීනයේ ප්‍රධාන දකුණු දූපත වන මින්ඩනාඕ (Mindanao) හි පිහිටි 'ජෙනරල් සැන්ටොස්' (General Santos) නගරයේ වෙරළ තීරයට ඔබ්බෙන් මැග්නිටියුඩ් 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව වාර්තා විය.
පිලිපීන භූ විද්‍යා ආයතනයට අනුව මෙහි ගැඹුර කිලෝමීටර 10 කි.
භූමිකම්පාවත් සමඟ පිලිපීනය, ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු අතර, ඉන් බොහොමයක් මේ වන විට ඉවත් කර තිබේ.